ගොඩක් තැන්වල මම වරද්දගත්තා
මේ ජීවිතේ...
ගොඩාක් වැරදි මගේ අතින් උනා
ජීවිතේ හමුවුන වටිනම අයටත්...
එදා මට ඒවයේ වරදක් තේරුනේ නෑ,
තේරුනත් මම ඒ ගැන හිතපු බවක්වත්,
මට මතක නෑ...
පළමු වතාවට එහෙම දෙයක් හිතට දැනුනේ
අදමයි....
නමුත්, රිදෙන්න හරි දුක දැනෙන්න හරි
හිතක් වත්,
දැන් ඉතුරු වෙලා නෑ නෙ...
මට අනුකම්පාව වැඩක් නෑ කාගෙවත්
මේ හිතේ මුරණ්ඩු කම නැති වෙන්නෙම නෑ!
ඇයි මට මෙහෙම උනේ කියන එකෙන් වැඩකුත් නෑ..
මගේ දුර්වලකම වෙන්න ඇති නෙ...
"කමක් නෑ,
ගිය දේ ගියාවෙ.. මං තවමත් මෙතනම ඉන්නවා,
Its never too late.."
වෙන කවුරුත් නෙමෙයි මගේම හිතයි එහෙම කිව්වේ..
ඉතින් මම අලුතින් පටන් ගන්නවා ජීවිතේම..
මගේ හිත හයියයි..
අරමුණ ඒකායනයි..
No comments:
Post a Comment