Thursday, March 12, 2015

ඉර වටේ 19 වෙනි වටයත් පටන් ගත්තා ඕන්න.. :D

මාර්තු 8, ඔව් එදා තමයි මගේ උපන්දිනය.හොද දවසක්.. :D විය හියදම් වැඩි උන කාලෙක මගෙ උපන්දිනය ලැබුවට, ඒ හැමදේම තියෙද්දිත් මට පුලුවන් උනා ඒ දවස හොදට ගෙවන්න. උදේ නැගිට්ට ගමන් සුපුරුදු ලෙස මගේ  ආදර සහෝදරී මං ලගින් තියලා ගිහින් එයාම මගේ මල්ලිත් එකතු කරන් හදපු සුබ පැතුම් කාඩ් පතක්. ඒත් වෙනසක් තිබුනා,අම්මා,තාත්තා,නංගී,මල්ලී හැමදෙනාම එයාලගේ අත් අකුරින් ලියපු සුබ පැතුමක් දාල තිබ්බා. පොඩි දෙයක් උනාට ඒ දේ ගොඩාක් හිතට දැනුනා මගේ.
ඊට පස්සේ,මම පංති යන්න ලෑස්ති උනාම අම්මා සල්ලි අමාරු කමක් තිබුනත් මගෙ අතින් තිබ්බා සල්ලි ටිකක් යාලුවන්ට මොනාහරි අරන් දෙන්න කියලා. මම දැනන් හිටියා මගේ අම්මේ ඔයා මාව හිස් අතින් නොයවන බව.ඒ ආදරේ තමයි හොදම තෑග්ග මට හැමදාමත් හම්බුන. එදත් අම්මා අතින්ම කැව්වා මට කිරිබත් මගේ ජීවිතේ හැම වැදගත් දවසකම වගේ.
පංති ගිහින් ඉවර වෙලා,මගෙ හොදම යාලුවො වෙලා හිටපු කීප දෙනෙක්ටයි අහම්බෙන් සෙට් උන යාලුවො කස්ටියකටයි සලකන්න පුලුවන් උනා,ඊට පස්සෙ ගෙදර ඇවිත් දවසම ගත කලේ මගේ පවුලත් එක්කමයි.
රෑ මුහුණු පොතේ මගේ මිතුරන් එවලා තිබුන සුබ පැතුම් වලට ස්තූති කරලා ඒකත් අක්‍රීය කලා. වඩා වැදගත් අරමුණක් වෙනුවෙන්.. හ්ම්ම්.. ඒත් යාලුවො කිහිප දෙනෙක් හිටියා ගොඩක්ම ලගින් හිටපු. ඒ අය නැති අඩුව නම් ගොඩාක්ම දැනෙනවා.. අපි ලගදීම නැවත හම්බවෙවි මගෙ යාලුවනේ.

PS
චානි ^_^ ,
මගේ දවස ඔයයි මුලින්ම ලස්සන කලේ. මට ලස්සන කාඩ් එකක් මාර්තු 8 වෙනිදා වෙනකම් රැකගෙන ඉදලා පලවෙනි තප්පරේටම එව්වා ඔයා.. :D කෝල් කරනවා කිව්වට තවම ටෙක්ස්ට් එකක්වත් නෑ >.< අහුවෙයංකෝ! -_-

No comments:

Post a Comment