මාර්තු 8, ඔව් එදා තමයි මගේ උපන්දිනය.හොද දවසක්.. :D විය හියදම් වැඩි උන කාලෙක මගෙ උපන්දිනය ලැබුවට, ඒ හැමදේම තියෙද්දිත් මට පුලුවන් උනා ඒ දවස හොදට ගෙවන්න. උදේ නැගිට්ට ගමන් සුපුරුදු ලෙස මගේ ආදර සහෝදරී මං ලගින් තියලා ගිහින් එයාම මගේ මල්ලිත් එකතු කරන් හදපු සුබ පැතුම් කාඩ් පතක්. ඒත් වෙනසක් තිබුනා,අම්මා,තාත්තා,නංගී,මල්ලී හැමදෙනාම එයාලගේ අත් අකුරින් ලියපු සුබ පැතුමක් දාල තිබ්බා. පොඩි දෙයක් උනාට ඒ දේ ගොඩාක් හිතට දැනුනා මගේ.
ඊට පස්සේ,මම පංති යන්න ලෑස්ති උනාම අම්මා සල්ලි අමාරු කමක් තිබුනත් මගෙ අතින් තිබ්බා සල්ලි ටිකක් යාලුවන්ට මොනාහරි අරන් දෙන්න කියලා. මම දැනන් හිටියා මගේ අම්මේ ඔයා මාව හිස් අතින් නොයවන බව.ඒ ආදරේ තමයි හොදම තෑග්ග මට හැමදාමත් හම්බුන. එදත් අම්මා අතින්ම කැව්වා මට කිරිබත් මගේ ජීවිතේ හැම වැදගත් දවසකම වගේ.
පංති ගිහින් ඉවර වෙලා,මගෙ හොදම යාලුවො වෙලා හිටපු කීප දෙනෙක්ටයි අහම්බෙන් සෙට් උන යාලුවො කස්ටියකටයි සලකන්න පුලුවන් උනා,ඊට පස්සෙ ගෙදර ඇවිත් දවසම ගත කලේ මගේ පවුලත් එක්කමයි.
රෑ මුහුණු පොතේ මගේ මිතුරන් එවලා තිබුන සුබ පැතුම් වලට ස්තූති කරලා ඒකත් අක්‍රීය කලා. වඩා වැදගත් අරමුණක් වෙනුවෙන්.. හ්ම්ම්.. ඒත් යාලුවො කිහිප දෙනෙක් හිටියා ගොඩක්ම ලගින් හිටපු. ඒ අය නැති අඩුව නම් ගොඩාක්ම දැනෙනවා.. අපි ලගදීම නැවත හම්බවෙවි මගෙ යාලුවනේ.
PS
චානි ^_^ ,
මගේ දවස ඔයයි මුලින්ම ලස්සන කලේ. මට ලස්සන කාඩ් එකක් මාර්තු 8 වෙනිදා වෙනකම් රැකගෙන ඉදලා පලවෙනි තප්පරේටම එව්වා ඔයා.. :D කෝල් කරනවා කිව්වට තවම ටෙක්ස්ට් එකක්වත් නෑ >.< අහුවෙයංකෝ! -_-
සරදියෙල් ගේ දිනපොත෴
හිතේ ඇතිවෙන සියලු දේ සීමා මායිමකින් තොරව....
Thursday, March 12, 2015
වගකීම්..
"a great power comes with a great responsilibity"
-Uncle Ben-
මම පොඩි කාලෙ පුදුම ආසාවකින් බලපු Spiderman චිත්‍රපටයේ එන බෙන් මාමගෙ අවසාන වචන තමයි මේ.
ඒ කාලෙ වැඩි දෙයක් නොතේරුණාට මේ වෙද්දි නම් මට හොදටම තේරෙනවා. :)
කොහොම උනත් මේ ගෙවිගෙන යන්නේ ජීවිතේ හොදම කාලයක්. අතීතය වගේ නෙමෙයි,ඒ හොදම කාලෙ දැන් මම හොදින් වගේම අවබෝධයෙන් ගෙවනවා..
-Uncle Ben-
මම පොඩි කාලෙ පුදුම ආසාවකින් බලපු Spiderman චිත්‍රපටයේ එන බෙන් මාමගෙ අවසාන වචන තමයි මේ.
ඒ කාලෙ වැඩි දෙයක් නොතේරුණාට මේ වෙද්දි නම් මට හොදටම තේරෙනවා. :)
කොහොම උනත් මේ ගෙවිගෙන යන්නේ ජීවිතේ හොදම කාලයක්. අතීතය වගේ නෙමෙයි,ඒ හොදම කාලෙ දැන් මම හොදින් වගේම අවබෝධයෙන් ගෙවනවා..
Saturday, February 21, 2015
නිදහස යනු,
සියළු දෙනා ආශා කරන උතුම් තත්වයකි..
එය සත්ත්වයාව ස්වාධීන කරයි...
පරාධීනව සිටින්නාට එහි අගය
ඉතාමත් හොඳින් වැටහෙන අතර,
ස්වාධීන වූ විටදී අඩුවෙන් දැනේ..
සමහරු තවෙකුගේ නිදහස
හිතාමතාම නැති කරද්දි,
සමහරෙක් නිදහස අන්‍යෙයන්ට
ලබා දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන්
සටන් කරති....
@පොඩි විවේකයක් ලැබුනු වෙලාවක මනෝ පාරක් ගසමින්....
Wednesday, February 11, 2015
ගණන් අමාරු අයට පොඩි ටිප්ස් ටිකක්.. ;)
මට සාපෙ න් ගණන් වලට C එකක් තීයෙන්නේ.. මේ පෝස්ට් එකෙ මම දාලා තියෙන
ලේසි ක්‍රම ටික අල්ලගත්තනම් ඔයාලට ඉක්මණින් ගණන් හදාගන්න පුලුවන් වෙලා
කාලය ඉතුරු කරගන්න පුලුවන්.. :)
Thursday, February 5, 2015
බුල්ශිට් :\
මං සැනසීමෙන් ඇස් පියාගෙන නිදාගන්නේ,
මගේ හිත සතුටින් පිරෙන්නේ,
ඔයා මගේ තුරුලේ හිටියොත් විතරයි..
(සමහර වෙලාවට හිතෙන එව්වා...) :3
මගේ හිත සතුටින් පිරෙන්නේ,
ඔයා මගේ තුරුලේ හිටියොත් විතරයි..
(සමහර වෙලාවට හිතෙන එව්වා...) :3
Wednesday, January 28, 2015
බයියලා ඔක්කොටම ආයුබෝවන්! :D අද සුබ ආරංචි! :D
ඕන්න කිව්වා වගේම මං ආයිත් ආවා.. මගේ දිනපොතේ අද දවස මට ගොඩාක් වැදගත් දවසක්..
මම පන වගෙ ආදරේ කරන මගේ ඉසිපතන අම්මා මට ලොකුම ලොකු තෑග්ගක් දුන්නා.මම අද ඉදන්
ඇයගේ මළල ක්‍රීඩා නායකයා :) ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.මීට වසර 9ක ට කලින් පොඩි කොල්ලෙක් 100m දුවලා 3 වෙනියට ඉවර කලාම කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති මම මේ වගේ දුර ගමනක් එවි කියලා.මමවත් එහෙම හිතුවෙ නෑනෙ ඉතිං.. ;) මම මගේ උපරිමයෙන්ම
උත්සාහ කරලා අපි හිටියට වඩා එක අඩියකින් හරි ඉස්සරහට ගේනවාමයි :3 මට උදවු කරපු,මාව පච කරන්න හදපු,මාත් එක්ක මුල ඉදන් හිටපු.මගදි සෙට් උන හැමොටම ගොඩාක්
ස්තූතියි! මට මේ ආරංචිය කියන්න ඔනේ නමුත් ලග නැති අයත් ඉන්නවා.. එයාලා හැමෝටමත් ගොඩාක්
ස්තූතියි.. :)
Subscribe to:
Comments (Atom)






