නේහා,
ඔබ මා ලගින්ම හිටපු ඒ කාලෙ,මං ජීවිතේ සතුටින්ම හිටපු ඒ කාලෙ,
මගේ හිතට ඔබ අරමුණක් දුන්නු ඒ කාලෙ,
ආයිමත් එන්නේ නෑ,
මං මුලු ජීවිතෙන්ම වැටුණා,කාටවත් නොපෙනී හොරෙන් ඇඩුවා,
කිසිම දවසක පිරෙන්නේ නැති හිස් බවක් හිතට එකතු උනා..
ඒත්,
මං ආයිත් නැගිට්ටා,හැමදේම අලුතෙන් පටන් ගත්තා,
ආපහු කවදාවත් මං අඩන්නේ නෑ,හිත හයියයි දැන් මගේ!
පලවෙනිම ආදරෙ ආශිර්වාදයක් නොවි පාඩමක් උනා මට..
ඔයාට මම සමුදීලා ඉවරයි දැනටමත්..
එත් අමතක වෙන්නේ නෑ කවදාවත් මට ඔයාව :)
හැමදේටම ස්තූතියි ඔයාට,හැමදාමත් මගේ හිතේ ඉදීවි ඔයා..
බුදු සරණයි!

No comments:
Post a Comment